31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයි

නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දින‍ය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි ද අද(28) උදෑසන දෙරණ අරුණ වැඩසටහන හා සම්බන්ධ වෙමින් වෛද්‍යවරයා පැවසීය.

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 60 කට අධික ප්‍රමාණයක් වාර්තා‍ වු බවත් එයින් බහුතරය නාවික සෙබළුන් වන අතර, එයින් ද වැලිසර නාවික හමුදා මුලස්ථානයේ සෙබළුන් වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

මීට අමතරව, දිවයිනේ ප්‍රදේශ රැසකින් ‍ආසාදිතයින් වාර්තා වු බවද කියා සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතෙන් රෝගීන් දෙදෙනෙක්, ටොරින්ටන් හි හැටේ වත්ත ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් හා හැව්ලොක් ප්‍රදේශයේ කොළඹ මහනගර සභාවේ පවිත්‍රතා සේවයෙක්ට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවසීය.

එම පවිත්‍රතා සේවකයා සේවය කරන වාහනයේ රියදුරු කොළඹ, බණ්ඩාරනායක මාව‍තේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

Maimoonar

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Maimoonar

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

Maimoonar