January 22, 2026
Local NewsNews

නාගලගං වීදිය හුදකලා වෙයි

ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ඒ අනුව එම මාර්ගයට පිවිසිය හැකි මාර්ග ද මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මඟ හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගම ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනෙක් ඊයේ(15) නිරෝධායනයට යොමු කර තිබේ.

මෙම පිරිස ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මඟ හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලද අතර, එහිදී එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු විය.

මෙම පිරසේ සිටි ඇතැම් පුද්ගලයින් සමඟ සබඳතා පවත් වන ලද කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනෙකු මේ අනුව නිරෝධානයනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

මෙම පිරිසට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 93ක් ඇතුලත් වන අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණයකින් පසු මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

Maimoonar

අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Maimoonar

නිවාස පෙලක් ගිනිගනී…

Maimoonar

1 comment

Comments are closed.