28.5 C
Colombo
August 11, 2026
Local NewsNews

කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ වැඩි කරන්නයි ලබාදුන් උපදෙස් නොතකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් නිසා වෛරස ව්‍යාප්තිය 04වන අදියරට පැමිණ සමාජය කරා පැතිරීම දක්වා ව්‍යාප්ත වනු ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

පලමු කොරෝනා රෝගියා මෙරටින් වාර්තා වූ අවස්ථාවේදීම ඉදිරියේදී රෝගීන් වර්ධනයක් ඇතිවන බැවින් පරීක්ෂණ වැඩි කළ යුතු බව පෙන්වා දුන් නමුත් ඒ පිලිබඳ උනන්දුවක් බලධාරීන් නොදැක්වීම නිසා කොරෝනා වෛරසය දරුණු අන්දමින් සමාජය ගිලගැනීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසීය.

ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිනකට 1500ක් පමණ සිදු කළ යුතුව ඇතත් දැනට සිදු කරන්නේ පරීක්ෂණ 300ක් පමණ යැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

Maimoonar

දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්

Maimoonar

තව දින පහකින් බංකොලොත්කම අවසන්.. ණයක් ලැබෙනවා..

Maimoonar

5 comments

Comments are closed.