January 8, 2026
Local NewsNews

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

යාපනය උඩුවිල ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයයට අයත් නාවඩි ගම්මානයේ ජනතාවට සිය නිවාසවලින් පිටතට යාම හෝ ගම්මානයට කිසිවකු ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු යාපනය ප්‍රදේශයෙන් හමු වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැතිවරයකු විසින් පැවැත්වු දේව මෙහෙයට සහභාගී වූ විශාල පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇත්තේ මෙම ගම්මානයෙන් වීම නිසා මෙම තීන්දුව ගෙන ඇත.

ගම්මානයට හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර මාර්ග සියල්ල වසා දමා තිබේ.

කොරෝනා වෛරසය ‍ව්‍යාප්තවීම පාලනය සඳහා මෙම තීන්දුව ගත් බව යාපනය දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කරයි.

මෙම ගම්මානයේ එක් පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Maimoonar

කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…

Maimoonar

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

Maimoonar

485 comments

Comments are closed.