News Political

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි.

ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින හිටපු පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් විතාන මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

මම කියපු කාරණා 03ක්ම මේ වෙන කොට ඉටු වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණු සන්ධානය ද මොකක්ද එක හදන කොට කිව්වා අපි තරග කරන්නේ පොහොට්ටුවෙන් විතරයි කියලා. මෛත්‍රිපාල සිරිසේන ඒ සන්ධානයේ සම නායකකම ඉල්ලන කොට  කිවුවා අපිට සම නායකයෝ නෑ. අපිට ඉන්නේ එකම එක අසමසම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහතා පමණයි කියලා. ඒ වගේ ම මම කිවුවා අපි මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඔය එක එක සන්ධාන වලින් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කියලා. මම ඒ කියපු හැම දෙයක්ම අද හරිගිහින් තියෙනවා. එදා  2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාට පස්සේ මම කිවුවා මහින්ද මහත්තයාව මේ රටේ නැවත අගමැති කරලා මේ රටේ නායකත්වයට ගේන්න තමයි මගේ අපේක්ෂාව කියලා.පහුගිය ආණ්ඩුව යටතේ අවස්ථා 2ක දි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කෙරුවා. එකක් මෛත්‍රීපාල සිරිසේන දින 52 ආණ්ඩුව යටතේ මහින්ද මහත්තයව අගමැති කළා. ඊළගට ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයව නැවත අගමැති කලා. හැබැයි මේ දෙකටම මම කැමති නෑ. මොකද මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරන්න ඕනේ මේ රටේ මහජනතාවගේ බහුතර ඡන්ද ප්‍රතිඵලයෙන්. මේ රටේ ජනතාවගේ වැඩි ඡන්දයෙන් මහින්ද මහත්තයව රටේ අගමැතිධූරයට පත් කරන එක තමයි අපේ මෙවර මහා මැතිවරණයේ දී අපේක්ෂාව වෙන්නේ. ඒ වෙනුවෙන් මේ වෙනකොටත්  ජනතාව පෙළ ගැහිලා ඉවරයි.

කළ ගුණ දන්න ජනාතාව හැමදාම හිටියේ පොහොට්ටුවත් එක්කයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ලගදී කියලා තිබුණා ඔහු උකුස්සා වගේ දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැගන්න දක්ෂයි කියලා. 2015 දීත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ජඩ වැඩේ කළා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලත් ඒ අය ඒ සෙල්ලමම දාන්න උත්සාහ කරනවාදැ‘යි අපිට සැකයක් තියෙනවා. අපි කිසිසේත් ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවෙන් තරග කරත් මෙවර මහා මැතිවරණයේ දී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා. දැන් මං මේක කිවුවාම හෙට ඉදලා මඩ ගහන්න පටන් ගනියි. හෙට පක්ෂ නායක රැස්වීමේ දී මාව ඉවර කරයි. හැබැයි මම දන්නවා  කවුරු නැතත් ජනතාව මාව රකිනවා. කවුරු නැතත් ජනතාව මං වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මගේ ස්ථාවරය කියන්න මම බය නෑ.

අපි කණ්ඩායමක් විදිහට මෙවර මහා මැතිවරණයට ගම්පහින් තරග කරන්නේ. මනාප වලට රණ්ඩු වෙන්නේ නෑ. ජනතාව ජයග්‍රහණය කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනේ. මේ තුනෙන් දෙකක බහුතර බලය ගත්තාම තමයි අපිට පුළුවන් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් අන්තවාදී සංවිධාන අපිව යට කරගන්න හදන එක වළක්වන්න. අපි අන්තවාදී සහයෝගය නැතිවයි මෙවර ආණ්ඩුව පිහිටවන්න කටයුතු කරන්නේ. අනතවාදීන් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවලා අපිට වැඩක් නෑ. මොකද අපි රටට ආදරේ නිසා. පහුගිය දවසේ අපි පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ මේ රටේ නතර වෙලා තිබුණු සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනියන්න. 2019 වෙනකම් කෙරිලා තිබිච්ච දේවල් වල මුදල් පහුගිය ආණ්ඩුව ගෙවලා තිබුණේ නෑ. ඒ හින්දා ඒ මුදල් ගෙවලා රට වැඩ කරන රටක් බවට පත් කරන්නයි අපි පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ කුහකකම එළියට ආවා. ඔවුන් පරිපූරකයට විරුද්ධ වෙලා මේ රටේ ජනතාවට මුදල් ලැබෙන එක වැළැක්වුවා. උපාධිධාරීන්ට රැකියා ලබා දීම මේ මැතිවරණය ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් නෙමේ. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති පහුගිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවක්. ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු කීරිම සදහා මේ උපාධිධාරී පත්වීම් ලබා දෙන්න කටයුතු කරේ. උපාධිධාරින්ට අපි මේ දුන්නු රැකියා නැතිව පාරේ බැහැලා ඉන්න තත්ත්වයට පත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය නැවතත් උත්සාහ කරන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නෑ.

මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක සහන් ප්‍රදීප් මහතා ද මෙම රැස්වීමේ දී කථා කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Shiran Viraj

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

Shiran Viraj

4 comments

item508584430 May 15, 2023 at 5:12 am

Grilled chicken with our special sour cream sauce.

my site :: item508584430

Reply
item518516925 May 21, 2023 at 12:57 pm

Hello my friend! I want to say that this article is awesome, nice
written and come with almost all vital infos.
I’d like to see more posts like this .

Here is my site item518516925

Reply
Energy Conservation Examples At Home June 16, 2023 at 5:19 am

There are over 60 Energy Conservation Examples At Home
providers in Texas.

Reply
face mask guidelines california June 18, 2023 at 8:27 pm

Cloth masks are machine-washable and reusable.

Here is my web-site; face mask guidelines california

Reply

Leave a Comment