Local NewsNews

නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ 30ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී  පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

 ඒ අනුව ඊයේ (25)  නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණ කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එම යාත්‍රාවේ තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක්, වොටර්ජෙල් කූරු 02 ක්, සේවා වෙඩි නූලක් ( අඟල්  3½) සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව එම මසුන් තොගය, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

 මෙලෙස නාවික හමුදා භාරයට ගත් මසුන් තොගය, පුපරණ ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සමග අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කුච්චවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

Maimoonar

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Maimoonar

2 comments

Comments are closed.