29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූ වගාහානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයි

උමා ඔය බහුකාර්යය යෝජනා ක‍්‍රම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානිය ජල ගැටලූව සම්පූර්ණයෙන්ම පාහේ විසදා ඇති බව නීතිපතිවරයා අද ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. උමා ඔය බහු යොජනා ක‍්‍රම වයාපාරයට එරෙහිව බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ප‍්‍රදේශවාසීන් පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අධිකරණය හමුවේ මේ බව කියා සිටියා.

මෙම ව්‍යාපෘතියට අදාළව අලූතින් කිසිදු භූගත පාෂාණ සිදුරු කිරීමක් සිදු නොවන බැවින් මේවනවිට ජල කාන්දුවක් සිදු නොවන බවයි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මෙහිදී කියා සිටියේ .

කෙසේවෙතත්  මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානියට පත් ගොවීන් සදහා වන්දි ගෙවීමෙදි ගැටලූකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බවයි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා කියා සිටියේ. ඒ අනුව වගා හානි වලට අදාළ වන්දි ගෙවීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වාර්තාවක් ජූලි මස 20 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළා. මෙම පෙත්සම ජූලි මස 20 දා යළි කැදවීමට නියමිතයි.

බණ්ඩාරවෙල ප‍්‍රදෙශයේ පදින්චිකරුවන් 3 දෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය ලේකම්වරයා ඇතුලූ පාර්ශව කිහිපයක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Maimoonar

රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

Maimoonar

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

Maimoonar

2 comments

Comments are closed.