28 C
Colombo
July 9, 2024
News Sports Sports News

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප‍්‍රමාණවත් දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් සිම්බාබ්වේ කි‍්‍රකට් පරිපාලනය මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 ශී‍්‍ර ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලූ 10කින් පරාජයට පත් වූ සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

කෙසේ වුවද කණ්ඩායමේ කි‍්‍රයාකාරකම් වලට ප‍්‍රතිචාර දැක්විය යුතු බවත් ව්‍යාපාරයක් වුවද දියුණුවීමට නම් යමක් ලබා දිය යුත්තේ ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් යැයි සිම්බාබ්වේ කි‍්‍රකට් සභාපතිවරයා සඳහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. පසුගිය කාල වකවානුවේ කණ්ඩායම සහ කි‍්‍රකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බුධය හේතුවෙන් මෙම කි‍්‍රයා මාර්ගය ගැනීමට සිදුවන බවත් එහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 සිම්බාබ්වේ කි‍්‍රකට් වසර ගණනාවක සිට මූල්‍ය ගැටුලූවකට මුහුණ දී තිබේ. අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් වසරක් පමණ සිම්බාබ්වේ කි‍්‍රකට් සම්මේලනයේ සාමාජිකත්වය අහිමිකර තිබුණු අතර එ් හේතුවෙන් අදාළ මූල්‍ය ගැටලූව උත්සන්න වී තිබේ. තහනම් කාලය තුළදී අයී.සී.සී ය විසින් සිම්බාබ්වේ කි‍්‍රකට් සඳහා වන සියලූම අරමුදල්ද නවතා දමා තිබිණි. කෙසේ පසුගිය ඔක්තෝබර් මාසයේදී අයි.සී.සීය විසින් එම තහනම ඉවත් කළේය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක්…

Shiran Viraj

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේ

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

Shiran Viraj

1 comment

calm harp music October 20, 2023 at 12:00 pm

calm harp music

Reply

Leave a Comment