29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාව

හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා.

ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව එම ලේඛණය මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නාමලේඛණයට අනුමැතිය ලබාදුන් පසු හෙට දිනයේ මෙම සිරකරුවන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් මිනිමැරුම්, ස්තී‍්‍ර  දූෂණ, ළමා අපචාර මෙන්ම ප‍්‍රබල ගණයේ අපරාධ සදහා සිරගත කිසිදු පුද්ගලයෙකුට මෙමගින් නිදහස හිමි නොවන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා වෛරසයෙන් ‍ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයි

Maimoonar

පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපති

Maimoonar

මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා..

Maimoonar