31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් රෝගය බෝවීමට කිසිඳු ඉඩක් නොමැති බව වෛද්‍යවරුන් තහවුරු කරනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ මෙවැනි දුර්මත හේතුවෙන් සිදුවන්නේ සමාජය තුළ අනවශ්‍ය බියක් ඇතිවීම පමණක් බවයි.

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන ආ ශී‍්‍ර ලන්කන් ගුවන් යානයේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ දරුවන්ට පාසල් වෙත පැමිණීමෙන් වළකින ලෙසට දන්වා ඇති බවටයි ඊයේ (02) වාර්තා පළ වුණේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම, ඉහත අදහස් පළ කළා.

රෝගය පැතිර යාම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

රෝගී සත්තාකරක සේවා සාර්ථකව සිදුවන බවද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…

Maimoonar

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Maimoonar

සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

Maimoonar