31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

මීළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා එහිදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ පූර්ණ බලය ලබාදී ඇති බවයි.

මේ අතර කොළඹදී පැවති තවත් මාධ්‍ය හමුවකදී දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසින් සඳහන් කරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂනායක ධුරය ද ඉවත් කර ගැනීම සඳහා සූක්ෂමව කටයුතු සිදුවෙමින් ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත්වනු ඇති බවත් ඒ සඳහා දැනටමත් ඔහු කටයුතු සංවිධානය කර ඇති බවත් එම පක්ෂයේ සභාපතිවරයා සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේ

Maimoonar

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

Maimoonar

ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

Maimoonar

757 comments

Comments are closed.