31.7 C
Colombo
February 26, 2026
International NewsNews

කොරෝනා නිසා ජපාන ඔලිම්පික් තරගාවලිය ගැන දැඩි අවධානයක්

නව කොරෝනා වෛරසයෙන් ඇති විය හැකි බලපෑම පිළිබද ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ පැවසුවේ වෛරසය මගින් ක්‍රීඩා උළෙලට එල්ල විය හැකි බලපෑම් පාලනය කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ඒ අනුව බෝවන රෝග ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් දැඩි අධීක්‍ෂණයක් අඛණ්ඩව සිදුකිරීමටයි ඔලිම්පික් බලධාරීන් පියවර ගෙන ඇත්තේ. එළඹෙන ජූලි 24 වනදා ආරම්භවීමට නියමිත ඔලිම්පික් උළෙලට කොරෝනා වෛරසයෙන් වන බලපෑම අවම කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බව ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේද ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 ක් ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වීමට නියමිතයි. ජපානයෙන් මේ දක්වා කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයන් 45 දෙනෙකු වාර්තා වී තිබෙනවා. චීනය ඇතුළු රටවල් 28 කින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 28,281 ක්. පුද්ගල මරණ 565 ක් ද වාර්තා වී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Maimoonar

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

Maimoonar

පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…

Maimoonar