January 15, 2026
BusinessBusiness NewsNews

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

සේවක අර්ථ සාධක අරමුදල් හිමි පුද්ගලයින්ට ඊට අදාළ මුදල් සිය ගිණුමට තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මාසිකව සේවක අර්ථ සාධක අරමුදලට තමන්ට හිමි මුදල් තැන්පත් කළාද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු ජංගම දුරකථනය ඔස්සේ තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් මේ හරහා සැකසීමට නියමිත බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ.

සේවක අර්ථ සාධක අරමුදල සඳහා මෙරට මිලියන 2.6ක පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් පිරිසක් දායකත්වය දරනු ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

Maimoonar

අවලෝකිතේශ්වර අත්අඩංගුවට…

Maimoonar

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Maimoonar

3 comments

Comments are closed.