එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව විශ්‍රාමික අගමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද තමන්ටද ලබාදීමට කටයුතු කරන්නැයි වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ අතර අද පෙරවරුවේ වික‍්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක තිබේ.
එම හමුව සඳහා මාධ්‍ය ආවරණයට ඉඩ දී නැති අතර පිටතට පැමිණි වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එහි පැමිණියේ ස්තූති කිරීමට බවයි.
වික්‍රමසිංහ මහතාගේ එම ගමන සඳහා කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එක්ව සිටියේ නැත.
(under the courtesy of lankacnews.com news web)
65 comments
Comments are closed.