29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද (12) රැස්වනවා. ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව ද මෙයයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් නව රජයේ ගමන් මග පිළිබඳ මගපෙන්වීමක් සහ උපදෙස් මාලාවක් මෙහිදී ලබා දෙනු ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණය සහ ඊට තරගවදින්නේ කුමන පක්ෂයක් හෝ ලකුණක් යටතේදැයි ද, අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරන්නේදැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එහිදී කියා සිටියේ ලකුණ පිළිබඳ ගැටලුවක් මේ අවස්ථාවේ පැණ නොනැගෙනු ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති මන්දිරයේදී සවස 06.00 ටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…

Maimoonar

කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්

Maimoonar

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

Maimoonar

8 comments

Comments are closed.