30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර ඇත.

ෆවුසි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති අතර එම ලිපිය ලැබුණු බව ඊයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට කටයුතු සූදානම් කරමින් ඇති අතර ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු කැබිනට් ඇමති ධූරයක්ද හිමිවනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර ඒ එච් එම් ෆවුසි මහතා සඳහන් කරන්නේ තමන් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව ද සඳහන් කරන්නේ අධිකරණ නියෝගයක් ලැබුණහොත් නව මන්ත්‍රීධුරයක් පත් කිරීම අත්හිටුවීමට තමන්ට සිදුවුණු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Maimoonar

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

Maimoonar

කුඩු රටට පැමිණීම, හොරු රට පැනීම වැළැක්වීමට ජනපති ගත් තීන්දු මෙන්න…

Maimoonar

47 comments

Comments are closed.