28 C
Colombo
July 8, 2024
Entertainment Entertainment News News

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැ
තිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය  මනින්න එපා‍

හොඳම නිළිය සම්මානයට  නිර්දේශ වීමත්  සතුටට කරුණක්

අපි දෙන්නා හරි සතුටින් ඉන්නවා. එයත් කලා ක්ෂේත්‍රයේම නිසා මාව හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. අලුත් ජීවිතේ ලස්සනයි

අංජුලා රාජපක්ෂගේ රුව නෙත ගැටෙද්දී ප්‍රේක්ෂකයන්ට එක්වරම හැඟෙන්නේ මේ අර නපුරු චරිත රඟපාන නිළිය‍ෙන් කියන සිතිවිල්ලයි. ඒ ඇය වැඩිපුරම නිරූපණය කරන්නේ එවන් චරිත නිසයි. අද වනවිට ඔන්න ඇය ඉන්

බැහැරවෙලා වෙනස් ම චරිත දෙකකින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට එන්න සූදානම් කියලා අපට දැනගන්නට ලැබුණා. ඒ ගැනත් අ‍ංජුලාගේ අලුත් ජීවිතයේ තොරතුරක් දැනගන්නට අප ඇයට කතා කළා.

කිරිල්ලියක් වගේ හිටපු අංජුලා තනිකඩ ජීවිතයෙන් මිදිලා විවාහයට පිවිසීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම තනිකඩ ජීවිතයෙන් පසුව විවාහ ජීවිතය ආරම්භ කළා කියන්නේ එක්කෙනා දෙන්නෙක් වෙනවා කියන එකයි. මම හිතන්නෙ එතැනදී ඉතා ඉවසිලිවන්තව, බුද්ධිමත්ව, කල්පනාවෙන් ඒ ගමන යා යුතුයි. විශේෂයෙන් දෙදෙනාම හොඳ අවබෝධයකින් ජීවත්වනවා නම් ජීවිතය ගොඩක් සුන්දර වෙනවා. අද ගොඩක් විවාහ ජීවිත ඇතුළෙ ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන හේතුව එකිනෙකා තේරුම් නොගැනීමයි.

අංජුලාට වඩා ‘අමිෂා’ට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි…

අංජුලා රාජපක්ෂ කියන රංගන ශිල්පිනියට ‘අමීෂ’ නිසා තවත් වටිනාකමක් එකතු වුණා කියලා හිතෙනවා. ඒ තරමට ‘අමීෂා’ ගේ චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. කොච්චරද කියනවා නම් සැබෑ නමට වඩා ‘අමීෂා’ කියන නමින් මාව අමතන්නටත් පුරුදු වෙලා.

ගොඩක් දෙනෙක් කියනවා ඔබ

වැඩිපුර රඟපාන්නේ ‘නපුරු’ චරිත කියලා… ඇත්තටම සැබෑ ජීවිතයේත් ‘අංජුලා’ සැරද?

මෙහෙමයි; මම විවිධ චරිත රඟපාලා තියෙනවා. ඔබ කීවා වගේ මට වැඩිපුරම ලැබිලා තියෙන්නෙ බටහිර චරිත වගේ ම නපුරු චරිත. ඒත් අංජුලා කියන සැබෑ චරිතය ජීවත්වන විදිය වෙනස්… රංගනයේදී මට ලැබෙන චරිතය වෙනස්… රංගනයේදී මම රඟපාන චරිතය අංජුලාගේ සැබෑ ජීවිතයට සමාන වෙන්නෙ නෑ.

ඔබ ඒකාකාරී චරිත රාමුවකට කොටුවෙලා කියලා කීවොත්?

ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා බලන්නෙ ඒ නිර්මාණය චරිතයට සාධාරණයක් ඉටු කරගැනීම. ඉතිං ඒ වගේ අවස්ථාවක රංගන ශිල්පිනියන් හැටියට අහවල් චරිතය මට බෑ… කියන තත්ත්වයක මම නෑ…

මට සුදුසු රංගන පරිසරය මට රඟපාන්නට පුළුවන් නම් මම ඒ චරිතය භාර ගන්නවා. මම මැද මාවතක ගමන් කරන කෙනෙක්. මගෙන් මට ඒ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කළ හැකිනම් මම එයට එකඟ වෙනවා. මොකද අද වනවිට නිර්මාණ බිහිවෙන ක්‍රමවේදය වෙනස්.

අතීතය ගැන මතක් කළොත්…

එඩ්වඩ් ජයකොඩි මහතාගේ සංගීත පන්තියට සහභාගි වුණාට පසුව චාමර සමරකෝන් හරහා මියුසික් වීඩියෝවක් සඳහා මට දායක වෙන්නට අවස්ථාව හිමි වුණා. ඉන්පසුව රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා.

පසුකාලීනව ශිවගුරුදාසන්ගේ ‘නෝනාවරුනි මහත්වරුනි’ ටෙලිනාට්‍යයෙන් මුලින් ම රංගනයට පිවිසෙන්නෙ. ඒ අතර ‘බෝපත් ඇල්ල’ හි ප්‍රධාන චරිතය වගේ ම නිර්මාණ කිහිපයක උප ප්‍රධාන චරිත කිහිපයටම රංගනයෙන් දසක වන්න අවස්ථාව ලැබුණා. මම කලාවට පිවි‍සෙලා මේ වන විට වසර 20 ක් වෙනවා. මෑතකාලයේදී ඔබ වේදිකාවටත් ප්‍රවිශ්ට වෙනවා.

සරත් කුලාංග ගේ ‘ඊගාවගේ’ කියන වේදිකා නාට්‍යයේ චරිතයක් කරන්නට මට අවස්ථාව ලැබුණා. එය බොහෝ ම සොඳුරු කතාවක් හා ගෙතුණු අපූරු නිර්මාණයක්.

මම හිතන්නේ රංගනයේ උසස් බව මෙන් ම ඉගෙනීමට අවස්ථාවක් එක් කරන තැනක් තමයි වේදිකාව කියන්නෙ. ප්‍රමාද වී හෝ වේදිකාවට එකතු වෙන්න ලැබීම භාග්‍යයක් කියලයි මම හිතන්නේ.

‘හතු පිපෙන්නාක් මෙන්’ ක්ෂේත්‍රයට

නවකයින් බිහිවීම ගැන ඔබේ අදහස කුමක්ද?

හතු පිපෙනවා කියන වචනයේ ම ඔය ප්‍රශ්නෙට පිළිතුර තියෙනවා. අපි ක්ෂේත්‍රයට එද්දී ප්‍රවීණයන්ගේ ලැබුණු අත්දැකීම් උපයෝගි කරගෙන කැපවීමෙන්, ඉවසීමෙන් ක්ෂේත්‍රයේ වැඩිහිටියන්ට ගරු කරමින් සහයෝගයෙන් වැඩ කළා. නමුත් අද තත්ත්වය හුඟක් වෙනස්. දියුණුව කියන්නේ එකමුතුකම… සහයෝගය… ගරු කිරීම නැති එකට නෙවෙයි. පරම්පරාවෙන් පරම්පරාවකට යාමේදී හොඳ කියන දේ නැතිවෙලා නරක දේ ඉදිරියට යනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අද ගොඩක් දක්ෂ තරුණ ළමයි කලාවේ ඉන්නවා. මම කියන්නේ තමන්ගේ වටිනාකම අඳුනාගෙන කැපවීමෙන් මේ ගමන ගියොත් ප්‍රමිතිය කියන දේ ඉබේම හැදෙනවා.

ගත වූ විසි වසරක කාලයක

ඔබේ රංගනයට නිසි ඇගයීමක්

ලැබිලා තියෙනවාද?

ඔබ්. අවස්ථා කිහිපයකම සම්මාන මෙන් ම ඇගැයීමට පාත්‍ර වුණා. හොඳම නිළිය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. එයත් ලොකු සතුටක්.

කලාවට ඔබේ සැමියාගෙන්

ලැබෙන සහය කොයිවගේද?

හොඳ සහයක් ලැබෙනවා. මොකද ඔහු කුඩා කාලයේ සිටම කලා පසුබි‍මක හැදුණු වැඩුණු කෙනෙක්. ඉතිං මට වඩා කලාව ගැන ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔහුගෙන් මගේ කලා වැඩවලට උපරිම සහයක් ලැබෙනවා.

කැදැල්ලට අමුත්තෙක් කැඳවගෙන
එන්න අදහසක් තවම නැති ද?

ඉතා ආසාවෙන් බලන් ඉන්නවා. පුංචි පවුල රත්තරන් වෙන්නෙ එතකොටනෙ.

අංජුලා ඉදිරියේදී වෙනස් ම චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවට ඒවිද?

දැනට නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. වෙනස්ම විදිහේ චරිත දෙකක්. ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නෑ‍. ඉදිරියේදී වෙනස්ම විදිහේ චරිත දෙකකින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගන්න පුළුවන්.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

Related posts

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj

හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…

Shiran Viraj

Leave a Comment