31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අයත් කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ මත්ද්‍රව්‍ය සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි සෝදිසියක් කර ඇත.

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් හා නිල සුනඛයන් යොදවා නිලධාරීන්ගේ ලොකරයන් හා අවි ගබඩා ඇතුළුව එම ගොඩනැගිල්ල මහල් හතරම දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.

මෙහි සේවය කරන නිලධාරීන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කරන ප්‍රමාණයෙන් කොටසක් සඟවා තබා ඇතැයි කියන චෝදනාවක් මත වැටලීම කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියන්නේය.

මෙම වැටලීමේදී කිසිවක් හමුනොවී ඇති අතර අපරාධ මර්දනයට කටයුතු කළ මෙම ඒකකය හදිසියේ වැටලීම ගැන නිලධාරීන් දැඩි කලකිරීමට ලක්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් යටතේ ඇති මෙම සංවිධානාත්මක අපරාධ ඒකකය හදිසි පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඔහුගේම හදිසි නියෝගයකින් බවද පොලිසිය කියයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වුවමනාවට නව රජය ගැන කලකිරීමක් ඇතිවනසේ මෙවැනි වැටලීම් සිදුකරන්නට ඇතැයි නිලධාරීන් අතර දැඩි කතාබහක් ඇතිවී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනය

Maimoonar

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Maimoonar

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Maimoonar