31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද (27) පැවැත්වෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ජනාධිපතිවරණයෙන් පසු හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ජනාධිපතිවරයා විසින් නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා.

මේ අතර මෙතෙක් සති 02 කට වරක් රැස්වූ ජීවන වියදම් කමිටුව මින්පසුව සතියකට වරක් රැස්විය යුතු බවට කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම සතියකම කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර දිනයේ ජීවන වියදම් කමිටුව රැස්වනු ඇති.  

මේ අතර නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම ද ඊයේ (26) පැවැත්වුණා. 


(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

Maimoonar

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

Maimoonar

පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

Maimoonar