29.5 C
Colombo
February 12, 2026
NewsSportsSports News

ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ සමත්වුණා.

කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 297ක්.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දනුෂ්ක ගුණතිලක ලකුණු 133ක් රැස් කළා. පන්දු 134 කදී වාර්තා වූ ධනුෂ්කගේ ඉනිමට හතරේ පහර 16ක් සහ එක් 6 පහරක් අන්තර්ගත වුණා.

වේගවත් ඉනිමක් කි‍්‍රඩා කළ දසුන් ශානක පන්දු 24ක දී ලකුණු 43 ක් රැස් කළා. ඒ හතරේ පහර 05ක් සහ හයේ පහර දෙකක්ද සමගයි. 

ලකුණු 298ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් වුණා.

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 සබඳතාවක් ගොඩනැගුවා. සමාන් ලකුණු 76කට දැවී ගිය අතර අබීඞ් අලී දැවී ගියේ ලකුණු 74කටයි. හැරිස් සොහෙල් ලකුණු 56යි.

පන්දු යැවීමේදී නුවන් ප‍්‍රදීප් ලකුණු 53කට කඩුලූ දෙකක් දවා ගත්තා. මෙම ජයග‍්‍රහණයත් සමග දෙපිළ අතර පැවැති තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියේ දෙකට බින්දුවක් ලෙස ජය හිමි වුණේද පාකිස්තාන කණ්ඩායමටයි.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්නයි.. වරදක් නම් මා එල්ලා මරන්න..

Maimoonar

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

Maimoonar

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Maimoonar

39 comments

Comments are closed.