Local NewsNews

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ජයාරූප ආදිය පළකර තිබු බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ අද අළුයම් කාලය වන විය යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී තිබෙනවා. මේ දක්වා එම සයිබර් ප්‍රහාරයක් ද එසේත් නැත්නම් එය කවුරුන් විසින් සිදුකලාද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළිවී නැහැ.

මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව මේ වන විට කරුණු සොයා බලමින් සිටින බවයි. එමෙන්ම ට්විටර් ගිණුමේ පළකර තිබු සටහන් ඉවත් කිරීමට පියවර ගත් බවත් කිසිම අයුරකින් ට්විටර් ගිණුම අක්‍රිය කිරීමට කටයුතු නොකළ බවද ඔහු ප්‍රකාශ කර සිටියා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Maimoonar

වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරට

Maimoonar

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

Maimoonar

1 comment

Comments are closed.