32 C
Colombo
February 19, 2026
LIFELIFE NEWSNews

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

ඇදුම රෝගය ගැන ඔබ අසා ඇති. එය තරමක් සුලබ රෝගයක්. ඇදුම රෝගය ඇති වූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. මෙම රෝගය නිට්ටාවටම සුව කල නොහැකි වුවත්, පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි. රෝගය ගැන තැකීමක් නොකර සිටීමෙන් සමහරවිට මරණය පවා සිදුවිය හැකියි. මෙම රෝගය හතිය රෝගය යනුවෙන් ද හඳුන්වනවා.

ඇදුම රෝගය යනු කුමක්ද ?
ඇදුම රෝගය ඕනෑම වයසක ඇති වෙන්න පුලුවන්. කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට වැළඳෙන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. ස්වාස නාලයේ ඇතුලත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම මෙහිදී සිදු වේ. නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා, රෝගය උත්සන්න වී මරණයට පත් වීම වුවද විය හැක.

ඇදුම රෝගය ඇති වන්නේ ඇයි?
සීත ආහාර ලබා ගැනීම, අළුයම හෝ රාත්‍රීයේ සීතල ජලය ස්නානය, නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් ලබා නොගැනීම, සුරතල් සතුන්ගේ සහ සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුල් වීමෙන්, දූවිලි සහ මකුණු දැල් වල බලපෑමෙන්, දුම් වල බලපෑමෙන් – වාහන වල දුම, සිගරට් දුම, කාලගුණ වෙනස් වීම්, පරිසර දූෂණය, ඇතැම් සුවඳ විලවුන් වර්ග, ඇතැම් රැකියා වල බලපෑම – මැණික් කැපීම, දිගු කාලීන පීනසය සහ ගැස්ට්‍රයිටීස්.

ඇදුම රෝගයේ රෝග ලක්ෂණ
හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, කිවිසුම් යාම සහ උගුරේ සෙම පැටලීම, පපුවේ හිර ගතිය, හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී ශබ්දයක් මතු වීම, හුස්ම ගැනීමේ අපහසුව නිසා නින්ද නොයෑම, කතා කිරීමේදී අපහසුවක් දැනීම. මේ නිසා බොහෝ ඇදුම රෝගීන් නවත්වමින් කතා කරනු දක්නට ලැබේ, තොල් සහ නියපොතු අවපැහැ වීම, හෘද ස්පන්දනය වේගවත් වීම.

ඇදුම රෝගීන් පරිස්සම් විය යුත්තේ කොහොමද ?
තමන් ජීවත් වන ස්ථානය, ඇඳ ඇතිරිලි සහ කොට්ටා උර නිරන්තරයෙන් පිරිසිඳුව සහ දුවිලි රහිතව තබා ගන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පසුබට වන්න එපා. නියමිත වෛද්‍ය උපදෙස් පිළිපදින්න. පාන්දර අවදි වීමෙන් සහ රාත්‍රියේ නිදි මැරීමෙන් වලකින්න. දුමෙන්, පින්නෙන්, මීදුමෙන් ආරක්ෂා වන්න. උදෑසන සීතල ආහාර ගැනීමෙන් වැළකීම. – හීල් බත්, කිරි බත්, කුරුම්බා, තැඹිලි, සාරණ, නිවිති. සැර ආහාර වර්ග ලබා ගැනීමෙන් වලකින්න. – හරක් මස්, එළු මස්, දැල්ලන්, ඉස්සන්, හුරුල්ලන්.

අව්ව ඇති විට පමණක් ස්නානය කිරීම. ජලයේ ගිලී නෑමෙන් වැළකීම. උණු වතුර පානය. උණු වතුරෙන් වාෂ්ප ඇල්ලීම. උණු වතුරට වියළි අත්තන කොළ යොදා දුම් ඇල්ලීම සුදුසුය. දුම් පානයෙන් වලකින්න. කිරි පිටි අධික ලෙස පානය නොකරන්න. දුවිලි අධික ස්ථාන වලදී සහ නිවස පිරිසිඳු කරන අවස්ථාවේදී රෙදි කඩකින් නාසය සහ කට වසා ගන්න.

ඇදුම රෝගයේ අහිතකර ප්‍රතිඵල
එදිනෙදා වැඩ කටයුතු වලට බාධා ඇති වීම. ශරීරය කෙට්ටු වීම. ඇදුම රෝගය වැළඳුනු දරුවන්ගේ වර්ධන බාල වේ. උත්සන්න වීමෙන් මරණය පවා සිදු වීමට ඉඩ ඇත.

ඇදුම රෝගය සඳහා ඇති ප්‍රතිකාර
ඉන්හෙලර් ප්‍රතිකාරය – ඉන්හෙලර් මඟින් ඇදුම රෝගීන්ගේ ශ්වසන මාර්ගය පුළුල් කරයි. ස්ටිරොයිඩ් පෙති – ඉන්හෙලර් වලින් සුවයක් නැති නම්, මෙම පෙති ලබා දේ. මේවා මඟින් ඇදුම හොඳින් පාලනය වේ. නමුත් මේවා ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතය. දිගු කාලීනව හෝ අධි මාත්‍රා වලින් ලබා ගැනීමෙන් අතුරු ප්‍රතිඵල ඇති වේ. පැණි වර්ග- ඇදුම රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන් සඳහා ඖෂධීය පැණි වර්ග ඇත.

Related posts

සුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයි

Maimoonar

මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්

Maimoonar

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Maimoonar

1,031 comments

Comments are closed.