NewsPolitical

ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

දිගු කළක් පුරා තිබූ ආර්ථික පසුබෑමෙන් මි‍දී රුපියල යළි ශක්තිමත් වෙමින් තුබූ අවස්ථාවක සහ සංචාරක කර්මාන්තයෙන් ලෝකයේ විශිෂ්ඨතම ස්ථානය අප රටට හිමි වී තිබූ මොහොතක සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය අප මාතෘ භූමිය වසර ගණනාවක් ආපස්සට ඇද දැමූ නමුත් ජාතින් අතර සමගිය සහජීවනය තුළින් එම අභියෝගයන් ජය ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට‌ පක්ෂ විපක්ෂ සහය ලැබීම පටු දේශපාලනය අමතක කර රට වෙනුවෙන් එකඟත්වයකට පැමිණි වැදගත් අවස්ථාවක් බවත් එතුළින් අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ජනිතකර ඇති බවද කරු ජයසූරිය මහතා පැවසීය.

ඊළඟ පරපුරට අප විඳි අමිහිරි අත්දැකීම් වලින් තොර නිදහස් සමෘධිමත් දේශයක් උරුම කර දීමට මෙම ප්‍රවේශය තුළින් හැකිවනු ඇති බව තම විශ්වාසය බවද හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ දියුණු සෑම රටක්ම අත්පත් කරගත් ජයග්‍රහණ පිටුපස තිබෙන රහස ජාතික හා ආගමික සමඟිය තුළින් ගොඩනැඟූ තිරසාර ජාතික ප්‍රතිපත්ති යැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා කෙටි කළකින්ම ත්‍රස්ථවාදය අකර්මණ්‍ය කිරීමට හැකි වීම සහ එහි දී මුස්ලිම් ජනතාව ත්‍රස්ථවාදයට එරෙහිව ලබා දුන් සහාය අගය කරන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව ගෙ‍ාඩනැගීම සඳහා වූ පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති විශේෂ කාරක සභාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වන ලද හතරවන විශේෂ දිසා මහා සමුළුව අමතමින් කථානායකවරයා මෙම අදහස් පල කරන ලදී

(under the courtesy of lankacnews.com news web)

Related posts

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Maimoonar

සජිත් Daily Mirror තහනම් කරයි..

Maimoonar

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Maimoonar

37 comments

Comments are closed.