NewsPolitical

අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මුස්ලිම් ජනතාව කිසිදු පාර්ශ්වයකට ඡන්දය දීමට සූදානමක් නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඉදිරියේදී තනිව අරගල කරන්නට තමන් සූදානම් බව ද ඔහු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාව පුරා ඇති වූ තත්ත්වයන් නිසා ඇමති ධුරවලින් ඉල්ලා අස් වීම හැර වෙන විකල්පයක් නොතිබූ බවද ඔහු පවසයි.

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ධූරවලින් ඉල්ලා අස්වූ බවත් එහිදී කිසිදු පක්ෂ පාට භේදයක් නොතිබූ බවත් පවසන රවුෆ් හකීම් මහතා මේ මොහොතේ වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පමණක් බවද පවසා ඇත.

තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවුණේ නම් තම ජනතාව තවදුරටත් අසරණ වන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

Maimoonar

කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වය

Maimoonar

‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Maimoonar

5,590 comments

Comments are closed.