Local NewsNews

ලබන ඉරිදාත් දේව මෙහෙයන් එපා – අගරදගුරු හිමියන් කියයි

එළඹෙන 05වන ඉරිදා දිනයේත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබෙනවා.

ඒ, රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින්.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඉකුත් ඉරිදා දිනයේ ද දේව මෙහෙයන් සිදු කෙරුණේ නැහැ. 

මේ අතර පාසල්වල ආරක්ෂක තත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බැවින් තවත් දින කිහිපයක් හෝ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ ඉල්ලීම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

Maimoonar

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Maimoonar

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Maimoonar