Local NewsNews

අන්තවාදීන්ගේ මීලග ප‍්‍රහාර මොනවාදැයි බුද්ධි අංශ හිරේට ගොස් ඥාණසාර හිමිගෙන් අසති..

මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදී සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට රහස් පොලිසිය හා බුද්ධි අංශය බන්ධනාගාරයට ගොස් එහි සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුණ ගැසී තිබේ.

මෑතකදී උන්වහන්සේ කියා සිටියේ ඉදිරියේදී රට පුරා පන්සල් ගණනාවකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු උවමනා නම් බන්ධනාගාරයට තමන් මුණගැසෙන ලෙසත්ය.

ඥානසාර හිමියන් මේ වනවිට සය වසරක සිර දඬුවමකට යටත් කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

මෙරට ක්‍රියාත්මක අන්තවාදයන් සම්බන්ධයෙන් ඥානසාර හිමියන් කලක් තිස්සේ ප‍්‍රසිද්ධියේ අදහස් දක්වමින් සිටි අතර ඒ නිසාම උන්වහන්සේට විවිධ චෝදනාවන්ට ලක්වීම ද සිදුවිය.

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන්නැයි මේ වන විට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතිළු විවිධ පාර්ශවයන්ගෙන් මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..

Maimoonar

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක කොටස් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී

Maimoonar

56 comments

Comments are closed.