Local NewsNews

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

පුතුන් දෙදෙනාගේ තරමක් වෙනස් හැසිරීමෙන් දුටු පසු තමන් කිහිපවිටක්ම අවවාද කළ බවද පොලිසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනා සතුව විශාල ධන සම්භාරයක් තිබූ නිසා ඔවුන්ට මෙවැනි ක්‍රියාකාරී විනාශකාරී කටයුතුවලට යොමු වීමට අවශ්‍යතාවක් තිබුනේ නැතැයි ද ව්‍යාපාරිකයා සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර තිබිණ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Maimoonar

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Maimoonar

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

Maimoonar

112 comments

Comments are closed.