32 C
Colombo
February 19, 2026
Local NewsNews

සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..

වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුනු වර්ෂාවත් සමග බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම වැසියන් කියා සිටිති.

මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයත් සමග මෙසේ සුලි සුලං තත්වය ඇතිව තිබෙන අතර එහිදී සුලං හේතුවෙන් නැවත පදිංචි වැසියන්ගේ නිවෙස්හි වහලය සම්පූරණයෙන්ම ගැලවී ගොස් ඇති අතරම ඇතම් නිවාස වෙත ගස් කඩා වැටී ඇති බවටද එම වැසියන් කියා සිටිති.

සුලං ඇති වන අවස්ථාවේදී කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතරම එම අවස්ථාවේදී ජනතාව නිවෙස් වෙතින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

සුලි කුණාටුව හේතුවෙන් හානි වූ පවුල් වෙතට සිදුව ඇති විපත පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට වවුනියාව ආපදා කලමනාකරන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..

Maimoonar

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Maimoonar

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…

Maimoonar