NewsPolitical

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි‍්‍රයාකාරීත්වය සහ අභියෝග පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූම අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

වාර්ෂික පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලක්ෂ 11ක් පමණ ලැබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. පොලීසියට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී පැහැදිළි කෙරුණා. 

Related posts

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..

Maimoonar

ඉරාන විරෝධතා මර්දනයෙන් 12,000ක් මියගිය බවට වාර්තා – අන්තර්ජාලය සහ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරේ

Maimoonar

සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

Maimoonar

1 comment

Comments are closed.