28 C
Colombo
July 8, 2024
News Political

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි.

පසුගියදා කළුතර නගර ශාලාවේ පැවැති ‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ යන තේමාව යටතේ පැවැති කළුතර දිස්ත්‍රික් කතිකාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුළු දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම දිස්ත්‍රික් කතිකාව අමතා වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැතිහත්වීමෙන් සිදු වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇමරිකාවේ කොලනියක් බවට පත් වේවි. ත්‍රිකුණාමලයේ පිහිටුවන අක්කර 33,000ක ආයෝජන කලාපය ඇමරිකාවට – ඉන්දියාවට – ජපානයට පමණක් සීමා වුණු එකක්. මේ සියල්ල හමුවේ සිදු වන්නේ ස්වදේශිකයා මෙරට ආර්ථික ක්‍රියාවලියෙන් ඈත්කොට ඒ අවස්ථාවන් විදේශිකයන්ට ලබා දීමයි.

‘රට ගිල ගන්නා න්‍යාය පත්‍රය’

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන ක්‍රියාත්මක වන්නෙත් ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ඇමෙරිකා – ඉන්දීය- ජපාන ආයෝජන කලාපයක් ඉදිවන්නෙත් ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ, පලාලි ගුවන්තොටුපළ, කන්කසන්තුරේ වරාය, ගාලු වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබා දෙන්නෙත් ඉහත කී මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම නොරටුන්ට ගිල ගැනීමට ඉඩ හදා දීමේ න්‍යාය පත්‍රයට අනුවයි. ඛේමාගේ කොලුවා අය – වැයක් ගෙනත් අත හරින්නෙත් ‘කිරුළ නොරටුන්ට’ ලබාදීමේ න්‍යාය පත්‍රයට අනුවයි. අපි මේ පරගැති න්‍යාය පත්‍රය පැරදවිය යුතුයි. ඒ සඳහා විපක්‍ෂයේ පළල්තම සමගිය ගොඩනැගිය යුතුයි. ඒ මගින් ලැබෙන පළමු අවස්ථාවේදීම මේ පරගැති ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ඒ සඳහා පළමුව ලැබෙන ජාතික මැතිවරණය යොදා ගත යුතුයි.

‘තීරණාත්මක කඩඉම ජනාධිපතිවරණය ජය ගැනීමයි’

නමුත් අපේ කඳවුරේම ඇතැම් පිරිස් ඒ පළල්තම සමගියට කොකා පෙන්වමින් සිටිනවා. ඔවුන් දැන් සතුරාගේ මිතුරන් බවට පත් වෙමින් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා වන පළල්තම සමගිය හදන්නේ නැහැ, කියා කිසිවකු හෝ ඉන්නවානම් ඔහු අපේ කඳවුරේ සිටින සතුරෙක්. මේ දේශපාලන කඳවුරේ පරාජයට පාර කපන කවුරුන් හෝ ඉන්නවා නම් ඔහු කරන්නේ මේ දේශපාලන කඳවුර පරාජය කිරීම පමණක් නොවෙයි ඉහත කී ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ මෙරට ගිල ගැනීමේ න්‍යාය පත්‍රය දිගේලි වීමට ඉඩකඩ හදා දීමයි. දේශපාලන කඳවුර පරාජය කිරීම කෙසේ වෙතත් ජාතිය යළි ගොඩ ගත නොහැකි ඉරණමකට ඇදවැටීමට ඉඩ දීමට බැහැ. මේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය දිගේලි වීම නතර කිරීමේ තීරණාත්මක කඩඉම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි.

‘ජයගත හැකි අපේක්ෂකයා’

එක් පිරිසක් උත්සාහ කළා අපත් එකතු කර ගෙන ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවන්න. එහෙම වුණොත් ජනාධිපතිවරණයකුත් නැහැ. තීරණාත්මක කඩඉමකුත් නැහැ. ඒක හරි ගියේ නැහැ. මතක තබා ගන්න, ජාතියේ ඉරණම් කතාව ලියැවෙන්නේ ජනාධිපතිවරණයේ ජය පරාජය මතයි. ජය ගැනීමට නම් අපේ අපේක්ෂකයා කවුරුන් විය යුතුද? ගෝඨාභය රාජපක්ෂ (සභාවෙන්) ඒත් සමහරු කියනවා ‘අපේ අපෙක්ෂකයා ජාතික ඇඳුම අදින කෙනෙක් විය යුතුයි’ කියා. දැන් ඇඳුමත් ප්‍රශ්නයක් කර ගෙන. මම මෙහෙම කිව්වාම මාධ්‍යයට රහ වෙන්නේ ඒවායි. අර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ලංකාව ඇමරිකාවේ කොලනියක් කර ගන්න එක ගැන මොකුත්ම යන්නේ නැහැ. අර වගේ රහ කෑල්ලක් අරගෙන කොටවන එකයි බොහෝ මාධ්‍ය කරන්නේ. මම ඉන්නේ ඒ ‘ජාතික ඇඳුම අඳින කෙනෙක් ඕනේ’ කියන අයත් එකතුකර ගෙන, පළල්තම සමගිය හදලා මේ ජනාධිපතිවරණය ජයගන්නා ගමනක් යා යුතුයි, කියන තැනකයි.

‘සමගි වූ හැමවිටම අපි දිනුවා’

අපේ කඳවුර හැමදාම දිනලා තිබෙන්නේ සමගියේ කොඩිය වනපු වෙලාවෙයි. අසමගිය, භේදය ඇති කරපු හැම වෙලාවකම පැරදුණා. වම සහ ශ්‍රී ලනිපය භේද වුණාම, බණ්ඩාරනායක පවුල භේද වුණාම අපේ කඳවුර පැරදුණා. සමගි වූ හැමවිටම අපි දිනුවා. අපිට ඕනේ දිනුම ද? එහෙමනම් ඒකට උවමනා සමගියයි. අපට ඕනේ පැරදුම ද? එහෙමනම් ඒකට උවමනා භේදයයි. එය තේරුම් ගැනීමට වෙනත් ‘රොකට් සයන්ස් එකක්’ උවමනා නැහැ. ඒ නිසා අපේ කඳවුරේ කවුරුන් හෝ භේදය වපුරනවා නම් ඔවුන් පරාජයේ පියවරුයි. අපට අද උවමනා සමගිය වපුරන ජයග්‍රහණයේ පියවරුයි. අපට උවමනා සමගියේ ධජය මිස භේදයේ ධජය නොවෙයි.

‘රටක් බේරාගත් නායකයා පැරදුණේ ඇයි?’

2015 ජනවාරි 08 සිදු වූයේ කුමක් ද? ඊට ප්‍රථම අපේ කඳවුරේ ඇතැම් පිරිස් ඉවත් වුණා. ඇතැම් පක්‍ෂ ද ඉවත් වුණා. භේදය වළක්වාගැනීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකර සිටියා. අවසානයේදී භේදය නිසා රටක් බේරාගත් නායකයාටත් පරාජය වැළඳ ගැනීමට සිදු වුණා. ඒ නිසා අපි කියනවා ‘භේදය වපුරන්නවුන්ගෙන් පරිස්සම් වෙන්න’ කියා.

‘විනයානුකූල සංවර්ධිත රාජ්‍යයක්’

ඒ නිසයි අපි කියන්නේ ‘රට ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් අපට වෙනත් අයකු ඉල්ලීමට අයිතියක් නැහැ’ කියා. අද නීතිවිරෝධී වැලි ගොඩදැමීම් වැළැක්වීමට ගිය නාවික හමුදා නිලධාරීන්ට පහර කා රෝහල්ගත වීමට සිදු වෙලා. ඛණිජ සම්පත් රැක ගැනීමට කටයුතු කළ රජයේ නිලධාරින්ට පහර දෙනවා. මේ කිසිවකට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. ඒ නිසා අද මුළුමහත් ජාතියම අනාරක්‍ෂාව වෙනුවට ආරක්‍ෂාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් ඔවුන් ඉල්ලා සිටිනවා. විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ඒ සියලුදෙනාගේ පැතුමයි.

‘ගෝඨාභය ඕනෙ ඇයි?’

ඇල්බට් අයිස්ටයින් අබිබවා ගිය දැනුමකින් හෙබි දැනට බි්‍රතාන්‍යයේ වෙසෙන නිෂී උග්ගල්ලගේ දියණිය වැනි මොළවලට ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් තත්වයක් හදන්න ඕනෙ. එවැනි ලංකාවක් හදන්නයි ගොඨාභය රාජපක්ෂයන් ඕනේ. ලංකාවෙන් ගිය එවැනි ඥානාන්විත වැඞ්ඩෝ ලොව පුරා සිටිනවා. නාසා ආයතනය වැනි තැන්වල පවා ඔවුන් සිටිනවා. ඒ වගේම ලංකොවෙන් ගිය ඒ රටවල් ගඳගස්වන ගඳයොත් ඉන්නවා. ඔවුන් නිසා වැඞ්ඩන්ටත් ඒ රටවල ඉන්න බැරි වෙනවා. අපි හදන්න ඕනේ ඒ වැඞ්ඩන්ටත් ඇවිත් වැඩ කරන්න පුළුවන් රටක් මිස අර ගඳයන්ට ඇවිත් ගඳ ගස්සන්න පුළුවන් රටක් නොවෙයි. ඒ රට හැදිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂටයි. ඒකට වළ කපන්නේ, ඒ මහජන අභිලාෂයට පයින් ගසන්නේ ජාතියේ සතුරෝ මිස වෙන කවුරුවත් නොවෙයි.

‘2019 ජයග්‍රාහී දෙසැම්බරය වෙනුවෙන් පෙළ ගැසෙමු!’

අපි අද ඉන්නේ මේ අපේ රාජ්‍යය නොරටුන් විසින් අත්පත්කර ගැනීමේ මුවවිටකයි. ඒ ඉරණමට එරෙහිව සටන් වදිනවා නම් අපි සමගියේ ධජය ඔසවා තැබිය යුතුයි. ඒ ඉරණමට එරෙහිව සටන් වදිනවා නම් අපි මහජනයාගේ තේරීමට අවනත විය යුතුයි. එසේ නොකර භේදය වපුරන්නෝ යළිත් අත වනන්නේ ‘2015 ජනවාරි 08’ වැනි පරාජයකටයි. එවැනි පරාජයක් අපට යළි එපා. වසර 04ක් තිස්සේ එහි ප්‍රතිඵල අපි ජාතියක් ලෙස විඳමින් සිටිනවා. 2019 දෙසැම්බරය ජාතිය ජයග්‍රහණය කරවන දෙසැම්බරයක් විය යුතුයි. එය ජයග්‍රාහී දෙසැම්බරයක් විය යුතුයි. ඒ ජයග්‍රාහී දෙසැම්බරය වෙනුවෙන් පෙළ ගැසෙමු. ස්වදේශිකයාගේ අයිතින් තහවුරු කරන නව ව්‍යවස්ථාවක් ගෙන එමු. එවැන්නක් කළ හැකි නායකයකු රටට උවමනායි. මුළු රටම ගෝඪාභය රාජපක්‍ෂ ඉල්ලන්නේ මේ සියල්ල ඉටුකර ගැනීම සඳහායි” 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

Shiran Viraj

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ 20000ට ළංවෙයි

Shiran Viraj

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Shiran Viraj

4 comments

equity loan definition May 22, 2023 at 1:54 am

They are both different types of equity loan definition release
plan.

Reply
how to find real estate investor mentor May 24, 2023 at 3:58 am

The next one is the San Antonio how to find real estate investor mentor estate market.

Reply
what is a home equity loan uk May 26, 2023 at 1:19 am

The most popular type of lifetime mortgage.

my page: what is a home equity loan uk

Reply
Bookmarks June 18, 2023 at 1:51 am

It is an insurance payment that you make.

Here is my web-site … Bookmarks

Reply

Leave a Comment