29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයි

ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ඇතමුන් ජනාධිපති මැතිවරණයට පෙර  පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට මත පළ කරද්දී තවත් පිරිසකගේ මතය වුනේ ඉතා ඉක්මනින්ම ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

කොහොම වුනත් මේ වන විට ලැබෙන විශ්වාසදායක ආරංචිමාර්ග වලට අනුව මේ වසරේ දෙසැම්බර් මස 05 වනදා ජනාධිපති මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන් වනවා.  එසේම ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථීර වශයෙන්ම පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පොළොන්නරුවේ පැවති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් මහජන හමුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණයකට සහ ජනාධිපති මැතිවරණයකක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරට ඡන්ද දායකයින්ට අවස්ථාව උදා වෙනවා. 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

ශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…

Maimoonar

මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

Maimoonar

ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්

Maimoonar

3 comments

Comments are closed.