31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. 

පරිසරය තුළ මඳුරුවන් බෝවිය හැකි ජලය රැදුනු ස්ථාන සුලබව ඇති විය හැකි බැවින් ඩෙංගු මඳුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් හෙට(14) හා අනිද්දා(15) යන දිනයන් හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත. 

මෙය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ජනාධිපති කාර්යසාධක බලකාය හා ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. 

මෙහිදී නිවාස, පාසල් , වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්ෂණයට ලක් කරන අතර මඳුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හඳුනාගත් විට ප්‍රජාව සමඟ ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරයි. 

මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙයි. 

ප්‍රජාව හා බලධාරීන් නිරතුරුවම අවධානයෙන් සිටිමින් තම පරිශ්‍රයන්හි මඳුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරිමට හෝ එසේ කළ නොහැකි අවස්ථාවන්හිදී මඳුරැවන් බෝ නොවන ලෙස පවත්වා ගැනිම කළ යුතුය. 
(under the courtesy of adaderana.lk news web)

Related posts

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

Maimoonar

බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

Maimoonar

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Maimoonar

2 comments

Comments are closed.