29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.

හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ පදිංචි එකොළොස් (11) හැවිරිදි පාසල් සිසුවියකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළේ යැයි පහලොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු හික්කඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  බාල වයස්කාර සිසුවා ගාල්ල අතිරේක වැඩ බලන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 ජනවාරි මස 14 වන දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තබන ලෙසට නියෝග කර තිබේ.

පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ඇත්තේ හික්කඩුව, එගොඩගොඩ ප්‍රදේශයේම පදිංචි එකොළොස් (11) හැවිරිදි පාසැල් සිසුවියකි. සිසුවිය මේ වන විට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටී.

සැකකාර සිසුවා විසින් සිසුවියට පිහිපාර කීපයක්ම එල්ල කර තිබෙන බවත් එයින් පහර දෙකක් බෙල්ලට හා ඇස ප්‍රදේශට එල්ල කර තිබෙන බවත් හික්කඩුව පොලීසිය කියයි.

මෙසේ කිතුලම්පිටිය ළමා නිවාසයේ රදවා තබා ඇත්තේ හික්කඩුව, එගොඩගොඩ පදිංචි හික්කඩුව ප්‍රදේශයේ පාසැලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසැල් සිසුවෙකි. සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේද හික්කඩුව, එගොඩගොඩ ප්‍රදේශයේම පදිංචි ප්‍රදේශයේ පැසැලක 06 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පැසැල් සිසුවියකි. මොවුන් දෙදෙනාම එකම ගමේ ආසන්න නිවෙස් වල ජීවත් වන අය බවද හික්කඩුව පොලීසිය කියයි.

සැකකාර සිසුවා සහ තුවාල ලත් සිසුවිය අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිසුවා විසින් තියුණු ආයුධයකින් සිසුවියට පහර දී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම ළමුන් දෙදෙනා සහ තවත් ළමුන් පිරිසක් ඔවුන්ගේ නිවෙස් ආශ්‍රිතව ඇති කැලෑබද කොටසක සෙල්ලම් කර ඇති බවත් එහිදී දෙදෙනා එක් ප්‍රදේශයක තනි වූ අවස්ථාවේ මෙම බහින් බස් වීම ඇති වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සැකකාර සිසුවා සිසුවියට යම් ලිංගික බලපෑමක් කර තිබෙන බවත් සිසුවිය ඊට අකමැති වීම හේතුවෙන් බහින් බස් වීම ඇති වි තිබෙන බවත් පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ සිසුවිය විසින් ප්‍රකාශ කර තිබේ.

සැකකාර සිසුවා පළමුවෙන් ප්‍රකාශ කර ඇත්තේ සෙල්ලම් කිරීම සදහා කැලේ කොටු කඩමින් සිටි බවත් එහිදී සිසුවියගේ කෝටුවක් ඇනීමෙන් තුවාල වූ බවයි. නමුත් පොලීසිය දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමේදී උල් ආයුධයකින් ඇන්න බව සැකකාර සිසුවා විසින් පිළිගෙන තිබේ.

සිද්ධියෙන් පසුව සැකකාර සිසුවාගේ නිවෙසේ බඩු මුට්ටු වලට ප්‍රකෝප වූ ගම් වාසීන් විසින් දැඩි අලාභානි කර තිබේ. ඒ සම්බන්ධයෙන්ද හික්කඩුව පොලීසිය වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඊට සම්බන්ධ සැකකරුවන්ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හික්කඩුව පොලිසිය කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්

Maimoonar

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Maimoonar

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Maimoonar

1,552 comments

Comments are closed.