29.5 C
Colombo
February 12, 2026
News

ෆොන්සේකා අත් නොහරින ඇමති සටන

අමතර ඇමති ධුර ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පෑලියගොඩ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එලෙස ඉදිරිපත් කරන නම් සඳහා බාධා පැමිණියහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවන බවයි.

ව්‍යවස්ථානූකූල අගමැතිවරයාට ඇමතිකම් ලබා දීමට බලය ඇති බව ද කියා සිටි ෆොන්සේකා මහතා, ජනාධිපතිවරයාගේ මත ගැටුම හේතුවෙන් තමාගේ අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෙසේ වෙතත් අනාගතයේ දී අමතර අමාත්‍යධුර ලබා ගැනීමට කටයුතු කරන බවත්, 2015 ජනාධිපතිවරයා වශයෙන් පත් වුවත් ජනාධිපතිවරයාට අතීතය අමතක වී ඇති බව ද ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් අද වන විට සේනා දැළඹුවා හේතුවෙන් රටට බොහෝ ව්‍යවසනයක් ඇති වී තිබෙන නමුත්, පාර්ලිමේන්තුව තුළ සේනා දැළඹුවාට වඩා නරක පණුවන් සිටින බව ද සරත් ෆොන්සේකා මහතා පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

Maimoonar

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

Maimoonar

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Maimoonar

10 comments

Comments are closed.