29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

නොර්වුඩ් පොලිස් වසමට අයත්  පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන් කියා සිටියි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට පෝට්රි වතුයායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අභියස තෘණ බිමක විශාල වලවල් හාරා යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් රාත්‍රි කාලයේ මෙම මැණික් ගැරිමේ ජාවාරම සිදු කරන බවයි පැවසෙන්නේ.

බගන්තලාව, නොර්වුඩ්, හැටන් යන නගරවල මැණික් ජාවාරම්කරුවන් පිරිසක් එම වතුයායේ මුරකරුගේද සහයෝගය ඇතිව රාත්‍රි කාලයේ විශාල  පිරිසක් සහභාගි කර ගනිමින් මුරකරුවන් පවා යොදාගෙන මෙම මැණික් ගැරිම සිදු කරන බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

එම වතුයායේ ජල පෝෂක ප්‍රදේශයක පිහිටි තෘණ බිමේ අඩි 5 ත් 10 ත් අතර ප්‍රමාණයේ විශාල වලවල් කපා එම වලවල්වලට ලි කණු ආධාරක යොදාගනිමින් ගොඩගන්නා මැණික් ඉල්ලම් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා පෝට්රි ඇළේ සොදා අති බවද එහි ගිය අපට දක්නට ලැබුණා.

මෙම අනවසර මැණික් ගැරිම හේතුමෙන් විශාල පරිසර හානියක්ද සිදු වි ඇති අතර මැණික් ගැරිම හේතුවෙන් වතු කම්කරුවන් ඇති කරන ගවයන්ට තෘණ කපා ගැනිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවත්,මෙම අනවසර මැණික් ගැරිමට විරුද්ධ වන වතු කම්කරුවනට් ජාවාරම්කරුවන් විසින් තර්ජනය කරන බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

මෙම අනවසර මැණික් ගැරිමේ ජාවාරම කාලයක් තිස්සේ සිදු කර ඇති බවත්, මැණික් ගැරිම  සිදු කරන ස්ථානයේ මැණික් ඉල්ලම් බහුල වශයෙන් තිබෙන බවයි පෝට්රි වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

මෙම අනවසර මැණික් ගැරිම සම්බන්ධයෙන් අප නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එ.එම්.එම්.නජිම් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තමන් නොර්වුඩ් පොලිසියේ නව ස්ථානාධිපතිවරයා වශයෙන් මිට සති දෙකකට ප්‍රථම වැඩ භාරගත් බවයි.

මෙම අනවසර මැණික් ගැරිම සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, එම අනවසර මැණික් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවද නොර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada World කිරුළ දිනයි

Maimoonar

යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයි

Maimoonar

එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වා

Maimoonar

671 comments

Comments are closed.