27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

ලබන එකොළොස්වැනිදා හෝ දොළොස්වැනිදා තවත් සුළි කුණාටුවක් පැමිණීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කරයි.

ආපදා සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේ, “ආයිත් එකොළහ දොළහ තව එකක් එනවලු. ආවොත් එහෙම මොකද වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මිනිස්සු ටික අයින් කරගන්න ඕනේ” යනුවෙනි.

වන්දි පොරොන්දු සහ මුදල් ප්‍රශ්නය

විපතට පත් වූවන්ට විශාල ගණනින් වන්දි ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, එය අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව පැවසීය. කෙසේ වෙතත්, ඒ සඳහා රජය සතුව මුදල් තිබේද යන ප්‍රශ්නයක් ඇතැයිද ඔහු කීය.

මන්ත්‍රී විතාන මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රුපියල් ලක්ෂ පනහ හෝ සියය දෙන බව පැවසුවද, මේ වන තෙක් නිවාස පිරිසිදු කර ගැනීමට දෙන බව කියූ රුපියල් 25,000ක මුදලවත් කිසිවකුටත් අතට ලැබී නැති බවයි.

Related posts

රටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…

Maimoonar

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ මව්ලවි ඉල්ලා අස්වෙයි

Maimoonar

කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…

Maimoonar