February 26, 2026
BusinessBusiness NewsLocal NewsNews

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වර්ෂය සඳහා රජය විසින් ලබා දී තිබූ රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගැනීමට සමත්ව ඇත. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්ෂ්දේවි පී. ඒ. ප්‍රනාන්දු මහත්මිය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම දැවැන්ත ඉලක්කය පසුගිය දෙසැම්බර් මස 19 වන දින වන විට සපුරා ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි වූ බවයි.

මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම බදු ආදායම ලෙස සටහන් වන අතර, වසරේ ඉතිරි දින කිහිපය තුළ මෙම ආදායම් මට්ටම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෘජු හා වක්‍ර බදු ගෙවමින් මෙම ජයග්‍රහණයට දායක වූ සියලුම බදු ගෙවන්නන්ට රජය වෙනුවෙන් ස්තුතිය පුද කළ කොමසාරිස් ජනරාල්වරිය, මේ සඳහා කැපවූ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම පාර්ශ්වයන් වෙත ද සිය කෘතඥතාව පළ කළාය.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Maimoonar

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

Maimoonar

ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිත කරන රට

Maimoonar