Local NewsNews

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර සිදුව ඇති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබා දීමට එකඟ වී ඇති ඩොලර් මිලියන 500 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇතැයිද සඳහන්ය.

Related posts

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Maimoonar

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Maimoonar

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

Maimoonar

1 comment

Comments are closed.