February 26, 2026
NewsPolitical

බිමල්ට විරුද්දව මෛත‍්‍රිගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධව සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයකි.

2021.08.22 දින අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරමින් සිටියේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙන වාද යන ලෙසත් ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503/2005 (FR) දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම්පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත්වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජය සතු දේපලකි.

මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවාස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජය සතු දේපලකි. මෙය දේශපාලනය පිළිබඳව හෝ පරිපාලනය පිළිබඳව යම් හෝ සුලු දැනුමක් තිබෙන අයකු ඉතා සරලව දන්නා කරුණකි.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීම පනත යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නිවාස වල අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට හැකි වනු ඇත.

1976 නොබැඳි සමුළුවට ඉදිකරන ලද “සමිට් ෆ්ලැටි” දෙකක් එක්කර ඇත්තේ ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාගේ කාලයේදීය. මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස භාවිතා කර නැවත රජයට භාරදුන් පසුවයි .

එසේ තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි.

ස්තුතියි

සමිර දසිල්වා
පුද්ගලික ලේකම්
හයවන විධායක ජනාධිපති

Related posts

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

Maimoonar

දහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයි

Maimoonar

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Maimoonar