February 26, 2026
Local NewsNews

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තර්ජනය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවා ද ?

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් යම් තාක් දුරට කොවිඩ් රෝගය පාලනය වීමක් සිදු වී තිබුණ ද පවතින තත්ත්වය අනුව රට විවෘත කළහොත් දැඩි අවදාම් සහගත තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් සංචරණ සීමා කාලය තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව සඳහන්. 

පවතින තත්ත්වය යටතේ රට විවෘත කර යම් අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය ද පසුගිය දා පැවසුවේ කොවිඩ් වසංංගතය පාලනය කිරීම සඳහා මාසයක කාලයක්වත් රට වසා දැමිය යුතු බවයි. 

පවතින තත්ත්වයන් පරීක්ෂාවට ලක් කර එළඹෙන සිකුරාදා දින එනම් ලබන 11 වනදා දින අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. ඒ ජනාධිතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදීයි. 

Related posts

IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයි

Maimoonar

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…

Maimoonar

පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් 2026දී? – වැඩබලන පොලිස්පතිගෙන් ඉඟියක්

Maimoonar