February 12, 2026
International NewsNews

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවා ගොස් තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව මේ දක්වා කාලය තුළ ලොව පුරා රටවල්වලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහසය කෝටි තුන් ලක්‍ෂ 39,530 ක්.

වාර්තා වී ඇති ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව තිස්තුන් ලක්‍ෂ 31,763 ක්. කොරෝනා වෛරසය ආසාදනය වූ දහතුන් කෝටි 81 ලක්‍ෂ 18,573 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ ඉන්දියාවෙන් කොරෝනා මරණ 4,200 ක් වාර්තා වී තිබෙනවා. එය එක් දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

ඊයේ දිනයේදී එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 48,499 ක්.

ඒ අනුව මේ දක්වා කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි තිස්තුන් ලක්‍ෂ 40,938 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 54,225 ක් වන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

Related posts

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Maimoonar

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

Maimoonar

කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියට

Maimoonar