February 26, 2026
Local NewsNews

පෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව කර ඇතැයි ද ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බවද කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබෙන අතර ඉන්පසු ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇත්තේ එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙසය.

ඒ අනුව බදාදා (19 වැනිදා) වන විට එම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඒවා විනාශ කළ බව අදාළ පෞද්ගලික රෝහල දන්වා ඇත. දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැකසහිත වූයෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී මෙම සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර ඇති බවද හෙළි වී තිබේ.

Related posts

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Maimoonar

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Maimoonar

අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

Maimoonar

91 comments

Comments are closed.