February 26, 2026
International NewsNews

ඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්

ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන්  සබදතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සදහන් කරමින් පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ⁣යොමු කර තිබේ.

අගමැති ඉම්රාන් ඛාන් මෙම ලිපිය යොමුකර ඇත්තේ පසුගියදාට යෙදුණු පකිස්තාන දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති ඉම්රාන් ඛාන් වෙත යොමුකළ සුබපැතුම් ලිපියකට පිලිතුරැ වශයෙනි.

අදාළ ලිපිය මගින් පකිස්තාන දිනයට සුබපැතුම් එක්කරමින් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබුණේ, ⁣අවිශ්වාසය සහ බෙදීම් ඉවතලීම අවශ්‍ය බවයි.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් දෙරට අතර පවතින ගැටලු විසදාගැනීමේ අවශ්‍යතාවය මතු කර ඇති අගමැති ඉම්රාන් ඛාන් විශේෂයෙන් ජම්මු සහ කාශ්මීර ගැටලුව සාමකාමීව විසදා ගත යුතු බවද සදහන් කර තිබේ.

Related posts

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

Maimoonar

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…

Maimoonar

712 comments

Comments are closed.