February 26, 2026
Local NewsNews

බෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමට

බෙලරුස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රියේ එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස ඊයේ රාත්‍රි 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානයෙන් පැමිණ තිබූ ගුවන් මගීන් අතර වැඩි ප්‍රමාණයක්  එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බවයි වාර්තා වුණේ.

ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමට ලක් කෙරුණා.

පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බැලීමක් ද සිදු කෙරුණා.

ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ යොදා ගෙන නිරෝධායන කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණා.

මේ අතර අද (29) දින උදෑසන 9.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන යෑමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..

Maimoonar

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

Maimoonar

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

Maimoonar