31.7 C
Colombo
February 26, 2026
International NewsNews

ගත වු පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්

ගතවු පැය 24 තුළත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

එම සංඛ්‍යාව 16,961 ක් වන අතර ඊයේ දිනයේ එරට පුද්ගලයින් 312 දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ දෙදහස් 396ක් වන අතර ලොව වැඩිම අසාදිතයින් වාර්තාවන රට සහ අසාදිතයින් ලක්ෂය ඉක්ම වු පළමු රට ලෙසද අමෙරිකාව සෞඛ්‍ය වාර්තා අතරට එක්වෙයි.

අමෙරිකාවේ නිව්යෝර්ක් ජනපදය කොරොනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබේ.

මේ අතර අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර අයත් ක්වින්ස් නගරයේ පිහිටි එල්ම්හර්ස්ට් රෝහල අද වන විට කොරෝනා ආසාදිතයින් රැසකගෙන් පිරී ගොස් තිබේ.

එම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරියක් පැවසුවේ කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින රෝහල තුළ පහසුකම් අවම වීම හේතුවෙන් ආසාදිතයින් රැසක් මියයන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

Maimoonar

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Maimoonar

රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…

Maimoonar