31.7 C
Colombo
February 26, 2026
EntertainmentEntertainment NewsNews

නපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආ

පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි සිතුවම ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් මේ දිනවලදී විකාශය වේ. එහි චරිත ද ඉතා ජනප්‍රිය වී පේ‍්‍රක්ෂකයාට සමීපව ඇත්තේ එහෙයිනි. මේ සුරූපිණියගේ ඇත්ත නම වන රුමලි ගමගේ කියනවට වඩා ටීෂා ලෙසින් ඔබ වඩාත් හඳුනයි. පාවෙලා වලාකුළේ නාට්‍යයේ දේවකට පෙම් බඳිමින් සිටින ටීෂාගේ ඇත්ත තොරතුරු මොනවාද කියා දැන ගැනීමට ඔබ උන්දුවෙන් පසුවන වග අපි දනිමි. මේ එයට වේලාවයි.

රුමලි කෙහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ? රංගනයෙන් දායක වූ පළමු ටෙලි නිර්මාණය මේක නේද?

දෙදහස් දොළහෙ ඉඳලා මං මොඩ්ලිං කළා. ඒ අතරේ වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. දෙදහස් දහඅටේ මිස් වර්ල්ඩ් තරගයට එකතු වෙලා ටයිටල් තුනක් වින් කළා. දෙරණ නාළිකාවේ ඉන්නවා මගේ ඥාති වෙන කෙනෙක්. ඒ හරහා තමයි පාවෙලා වලාකුළේ නාට්‍යයට එකතු වුණේ.

පළමු රංගන අත්දැකීම දැනුණේ කොහොමද?

චරිතය දැනගෙන තමයි මං කැමරාව ඉදිරියට ආවේ. හැකි පරිදි ටීෂාට සාධාරණයක් කළා කියලා හිතනවා. ටීෂා කියන්නේ ටිකක් නපුරු චරිතයක්. දේවකට හොඳින් හෝ නරකින් අයිති කරගන්න හදන්නේ.

ඔබ ටීෂා නම් . . .?

ඔය වැනි අවස්ථාවක් මට උදා වුණොත් මගේ හැසිරීම නම් වෙනස්. මම ඔයිට වඩා අවස්ථාව තේරුම් ගන්නවා. අපිට අයිති නැති දෙයක් බලෙන් ලබාගන්න බැහැනෙ.

නපුරු චරිත රඟපාද්දී ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අහන්න වෙන එක සාමාන්‍යයි.

මිනිස්සු තමන් ආදරය කරන චරිතවලට බෙහෙවින් ළෙංගතු වෙනවා. හොඳ චරිතවලට ආදරය කරනවා. නපුරු චරිතවලට බනිනවා. ටීෂා වගේ චරිත කරපුවාම ඉබේම බැනුම් අහන්න සිදු වෙනවා. මුල් කලේ මටත් බැනුම් අහන්න වුණා. මට ඔරවපු අයත් ඉන්නවා. දැන් එහෙම වැඩිය බනින්නේ නැහැ. නපුරු වුණාට මං කැමැතිම ගෑනු ළමයා කියලා කියන අයත් ඉන්නවා.

පාවෙලා වලාකුළේ නාට්‍යයට අමතරව තවත් නිර්මාණ සඳහා ඔබට කතා කළාද?

ඔව්. දෙරණ නාට්‍යවලට තමයි කතා කළේ.

ඔබත් නාළිකාවක හිර වූ නිළියක්ද?

මං ඔය ගැන හිතන්නේ වෙනත් විදිහකට අයියෙ. දෙරණ නාළිකාවෙන්නේ මං එළියට ආවේ. එතන රැඳුණා කියලා මට අවැඩක් වෙන්නේ නැහැ. කාලෙකට පසුව මං වෙනත් නාළිකාවල නිර්මාණවලට යාවි. දැනට ඉන්නේ දෙරණත් එක්ක.

නිළියක් වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

සතුටුයි කියලා තමයි කියන්න තියෙන්නේ.

ඔබේ පෙනුම අනුව ඔබට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ බටහිර පන්නයේ චරිතවලට වෙන්න ඇති?

ගොඩක් කතා කරන්නේ බටහිර චරිතවලට තමයි. මං චිත්‍රපටයක නම් ගැමි චරිතයක් කළා. ගයාන් මහගලගේ අයියගේ අමුඩ රජා තමයි ඒ චිත්‍රපටය.

ඔබ වැඩිපුරම අගය කරන්නේ කවුද?

ගෙදර අය ආ . . . මගේ පුංචි කෙනෙක් ඉන්නවා රට. ඇය පාන්දරම මට කතා කරනවා. පුංචි කරන වර්ණනාව තමයි වර්ණනවා.

පෙනුමෙන් ඔබ විලාසිතාවලට බර කෙනෙක් වගේ?

ෆැෂන්වලට ආසයි. හැබැයි අනවශ්‍ය විදිහේ ඒවා නෙවෙයි. ගොඩක් බරයි ෆැෂන්වලට.

රුමලිගේ පදිංචිය?

කොළඹ හැව්ලොක්ටවුන්.

ඉගෙන ගත්තු පාසල?

කොළඹ රෝයල් ඉන්ස්ටි‍්‍රයුට් ජාත්‍යන්තර පාසල.

උපන් දිනය?

අනූ හතරේ සැප්තැම්බර් දහතුන.

ඔබ මේ වන විට ප්‍රේමවන්තියක්ද?

ඔව්. ඒක පාසල් ප්‍රේමයක්.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවහොත්?

කිසිම වෙලාවක කාගෙන්වත් පස්සේ යන්නේ නැති කෙල්ලෙක්.
( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

Related posts

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Maimoonar

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Maimoonar

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Maimoonar