31.7 C
Colombo
February 26, 2026
NewsSportsSports News

රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41 කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 118 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නේපාල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 77 ක් පමණයි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම, හෙට බංග්ලාදේශ කණ්ඩායම සමග මෙම තරගාවලියේ රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Maimoonar

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයි

Maimoonar

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Maimoonar

5 comments

Comments are closed.