31.7 C
Colombo
February 26, 2026
NewsSportsSports News

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා.

පාකිස්තානයේ පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉකුත්දා සහභාගි නොවීමට තීරණය කර තිබුණේ එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කෙසේවෙතත් එම තරගාවලිය සඳහා යොවුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු අතර එහිදී ශ්‍රී ලංකා පිලට ජනාධිපතිවරයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබාදීමට පාකිස්තානු රජය කටයුතු කර තිබුණා.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු විදෙස් කණ්ඩායමක් පාකිස්තානයේදි ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වී නැහැ. ඒ අනුව දශකයකට පසු පාකිස්තානයට ටෙස්ට් තරගාවලියක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී සුරංගල ලක්මාල්ද ප්‍රහාරයේ ඉලක්කය වූ බස් රථයේ සිටි ක්‍රීඩකයෙක්. ඔහු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා එක් නොවීමට ඉකුත්දා තීරණය කර තිබුණේ එම ප්‍රහාරය පිළිබද ඔහු ඒ වන විටත් භීතියකින්  පසුවීම හේතුවෙන්.

කෙසේ වෙතත් සුරංග ලක්මාල් ද ලබන දෙසැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපා

Maimoonar

ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි

Maimoonar

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Maimoonar

9 comments

Comments are closed.