31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

රට යන ගමනේ වෙනසක් කරන්න කාලය එළඹිලා : අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියයි

මම එන්නේ දේශය පාලනය කරන්න නෙවෙයි දේශයට සේවය කරන්න බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාතර, කඹුරුපිටියේ අද (25) පැවති රැස්වීමකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා,

” රට යන ගමනේ වෙනසක් ඇති කරන්නට කාලය එළඹිලා තියෙනවා. මම එන්නේ දේශය පාලනය කරන්න නෙවෙයි, දේශයට සේවය කරන්න. මේ ජනාධිපති තනතුර මට ආභරණයක්, උරුමයක් නොවෙයි. එය පොදු ජනතාවට, රටට සේවය කිරීමට පුළුවන් ශක්තිමත් ආයුධයක්. ආයුධයක් කියුවට එය මිනිස්සු විනාශ කරන්න යොදා ගන්න දෙයක් නොවෙයි.

ප්‍රතිවාදී අපේක්ෂකයා මෙන් ජනතාව බීමට වතුර ඉල්ලන විට වෙඩි තියන්නේ නැහැ. ඉන්ධන සහනාධාරය ඉල්ලන විට, සේවක අර්ථ සාධක අරමුදල අවභාවිතා කිරීමට එරෙහිව ජනතාව පාරට බහින විට වෙඩි තැබිම, මර්ධනය, තර්ජනය කරන්නේ නැහැ. පසුගිය කාලයේ මෙන් මිනීමරු සංස්කෘතියක් තම රජය යටතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දික්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රි අයි. පී. නන්දසිරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝදර කන්ද කොට්ඨාශයේ නායක එම්. කේ. නිමල් ශාන්ත ඇතුළු කණ්ඩායමක්  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් මෙම ජන හමුවට එක්ව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..

Maimoonar

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Maimoonar

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Maimoonar

1 comment

Comments are closed.