26.1 C
Colombo
January 15, 2026
Local NewsNews

වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

(04) තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වෙයි.

ඒ අනුව දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක ම වෙන ම ඒකකයක් මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට පත් කර තිබේ.

මේ වනවිට මැතිවරණයට අදාළ ව පැමිණිලි 144ක් පොලිසියට ලැබී තිබේ.

පුද්ගලයින් 22 දෙදෙනකු ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇතිබව පැවසීය.

මැතිවරණ ප්‍රචාරක පුවරු ලක්ෂ 02ක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇතිබව පැවසීය.

මේ අතර වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් වැනි ප්‍රචාරණ පුවරු වාහනය නවතා ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතිබව පැවසීය.

මැතිවරණ කාල සීමාවේ දී උපරිම සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

කිසිවෙකු ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Maimoonar

පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

Maimoonar

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Maimoonar